2022 ජුනි මස 21 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-06-21

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
C : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දහවැනි කාණ්ඩයේ 2022 මැයි 13 දින වනවිට රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය හා එම හිඟය මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විගණකාධිපති විශේෂ වාර්තාවේ - III කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්ත‍ාව
(ii)    2021 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්ත‍ාව
(iii)    2021 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්ත‍ාව
(iv)    2021 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්ත‍ාව
(v)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්ත‍ාව
(vi)    2021 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්ත‍ාව
(vii)    2021 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්ත‍ාව

(viii)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 මාර්තු 10 දිනැති අංක 2270/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(ix)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පනවන ලදුව, 2022 මැයි 18 දිනැති අංක 2280/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(x)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 මාර්තු 03 දිනැති අංක 2269/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 මාර්තු 03 දිනැති අංක 2269/56 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 මාර්තු 09 දිනැති අංක 2270/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 මාර්තු 28 දිනැති අංක 2273/01 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiv)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 අප්‍රේල් 13 දිනැති අංක 2275/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xv)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පනවන ලදුව, 2022 මැයි 18 දිනැති අංක 2280/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvi)    රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය
    (2022 මාර්තු 09 දිනැති අංක 2270/20 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(xvii)    2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 66 සහ 69 වගන්ති සමඟ කියවිය යුතු 117 වගන්තිය යටතේ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජූලි 03 දිනැති අංක 2078/22 දරන අති විශේෂ ගැසට් පත්‍රය සහ එම ගැසට් පත්‍රයේ මුද්‍රණ දෝෂ නිවැරදි කරමින් 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 66 සහ 69 වගන්ති සමඟ කියවිය යුතු 117 වගන්තිය යටතේ වරාය, නාවික හා ගුවන් සේව‍ා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 ජුනි 06 දිනැති අංක 2283/05 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මනූෂ නානායක්කාර මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු රංජිත් සියඹලාපිටිය මහතා      -      පෙත්සම් හතරයි    
               
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ

“අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii)    අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
(iii)    කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

ගරු මංජුලා දිසානායක මහත්මිය විසින් ප්‍රශ්නයක් අසන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් සෙවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඩලස් අලහප්පෙරුම මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1705 ට 2022 ජුනි මස 22 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.