2022 ජුනි මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-06-09 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල පළමුවැනි වාර්තාව, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති, ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු කංචන විජේසේකර මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු අජිත් රාජපක්ෂ මහතා
(ii) ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා
(iii) ගරු වාසුදේව නානායක්කාර මහතා
(iv) ගරු අනුර දිසානායක මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
වගා කටයුතු සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් 2022.06.08 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 120; විරුද්ධව 36; වැළකී සිටි 13)
(ii) ඛනිජතෙල් සම්පත් පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු රෝහණ බංඩාර මහතා
(ii) ගරු ගුණතිලක රාජපක්ෂ මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“තරුණ ප්‍රජාවගේ ඉල්ලීම් ඉටු කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු හෙක්ටර් අප්පුහාමි මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1822 ට 2022 ජුනි මස 10 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.