2022 මැයි මස 19 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-05-19 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු අමරකීර්ති අතුකෝරළ මහතාගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු ඇස්. ජගත් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ 2022.05.19 දින සිට සේවය කිරීම පිණිස සභාපති නාමාවලියට මන්ත්‍රීන් පත් කිරීම
B : පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ භාරයට ගැනීම
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා
(ii) ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(iii) ගරු උද්දික ප්‍රේමරත්න මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ආහාර හිඟයට විසඳුම්
අග්‍රාමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පාර්ලිමේන්තුවේ සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2021 අප්‍රේල් 05 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තව දුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2022 ජුනි 30 දින දක්වා දීර්ඝ කළ යුතු ය.
කල් තැබීමේ යෝජනාව
“මෑතකදී ඇති වූ කෝලාහල හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපලවලට සිදු වූ හානි” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වා හෙට දිනට කල් තබන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1711 ට 2022 මැයි මස 20 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.