2022 මැයි මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-05-06 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 අප්‍රේල් 09 දිනැති අංක 2274/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වූ එකඟතා ගිවිසුම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍යාංශ නිවේදනය පිළිබඳ කල් තැබූ සාකච්ඡාව තවදුරටත් පැවැත්වීම
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1532 ට 2022 මැයි මස 17 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.