2022 මැයි මස 05 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-05-05

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXI කොටස;
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXIII කොටස; සහ
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XVIII කොටස, පස්වැනි කාණ්ඩයේ II හා III කොටස් සහ හයවැනි කාණ්ඩයේ III, IV, V, VI  හා VII කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව
(iii)    2019 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා            -  පෙත්සම් තුනයි
(ii)    ගරු විජිත හේරත් මහතා      
                       
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ජනතාව මුහුණදෙන දුෂ්කරතා සහ ආර්ථික අර්බුදය

මුදල් අමාත්‍ය, අධිකරණ අමාත්‍ය සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා සහ බලශක්ති අමාත්‍ය සහ විදුලිබල අමාත්‍ය, ගරු කංචන විජේසේකර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

නියෝජ්‍ය කථානායකවරයා සහ කාරක සභා සභාපතිවරයා ඡන්දයෙන් තෝරා පත් කිරීම

ගරු රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ධුරයට රහස් ඡන්දයෙන් තේරී පත් විය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“වකුගඩු සහ දියවැඩියා සිංහ රෝහල් භාරය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සංජීව එදිරිමාන්න මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් සම්මත කරන ලදී.

(ii)   ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වූ එකඟතා ගිවිසුම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍යාංශ නිවේදනය පිළිබඳ කල් තැබූ සාකච්ඡාව තවදුරටත් පැවැත්වීම

විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 මැයි මස 6 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.