2022 මැයි මස 04 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-05-04

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා අතිරේක මන්ත්‍රීන් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය
(ii)    2019 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii)    2019 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iv)    2019 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව

(v)    2020 අගෝස්තු 05 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාව
(vi)    2021 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2022.02.24 සිට 2022.03.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන

 

අමාත්‍යාංශ නිවේදන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වූ එකඟතා ගිවිසුම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පාර්ලිමේන්තුවේ සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -

(i)    අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 (1) හි විධිවිධාන ප්‍රකාරව සහ 2022 අප්‍රේල් 28 දින තේරීම් කාරක සභාව විසින්  තීරණය කළ පරිදි, 2022 ජනවාරි 21 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා තිස් දෙක (32) ට අමතරව, සමෘද්ධි සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පත් කළ යුතු ය.

එකී කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර බලා වාර්තා කිරීම සඳහා එකී  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූ ද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.

එකී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (3) සංයුක්ත විය යුතුය.

(ii)    අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

2022  ජනවාරි  21  දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 අප්‍රේල් 28 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි  වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව “වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව”  ලෙස නැවත නම් කළ යුතුය.

(iii)    අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

2022  ජනවාරි  21  දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 අප්‍රේල් 28 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි  රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව “රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව” ලෙස නැවත නම් කළ යුතුය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වූ එකඟතා ගිවිසුම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍යාංශ නිවේදනය පිළිබඳ සාකච්ඡාව

විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 මැයි මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.