2022 අප්‍රේල් මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-04-22

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : වාචික  පිළිතුරු  අපේක්ෂාවෙන්  ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ  න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේ නව ක්‍රමවේදය
C : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2019 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වාර්ෂික වාර්තාව

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව
ගරු ප්‍රවාහන අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා විසින් පිළිගන්වන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු උද්දික ප්‍රේමරත්න මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මෝටර් වාහන පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(ii)    ගරු අමරකීර්ති අතුකෝරළ මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“විෂය නිර්දේශය ආවරණය නොකර අ.පො.ස. (සා/පෙළ) විභාගය පැවැත්වීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1714 ට 2022 මැයි මස 4 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.