2022 අප්‍රේල් මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-04-21 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකවරයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ක්‍රීඩා ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව
ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා විසින් පිළිගන්වන ලදී.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු වරුණ ලියනගේ මහතා
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න යටතේ 2021.10.06 දින තමන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා නොදීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හතරක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු ගුණතිලක රාජපක්ෂ මහතා
(ii) ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වතු කම්කරු ජනතාව සඳහා ඉඩම් ඔප්පු ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කුමාරසිරි රත්නායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1645 ට 2022 අප්‍රේල් මස 22 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.