2022 අප්‍රේල් මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-04-20 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ජයන්ත සමරවීර මහතා
(ii) ගරු එම්. එස්. තවුෆික් මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන තුනක්
(ii) රේගු ආඥා පනත යටතේ යෝජනාව
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු එම්. උදයකුමාර් මහතා
(ii) ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් උගන්ඩාවට මුදල් රැගෙන ගිය බවට පළවන මාධ්‍ය වාර්තා” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 අප්‍රේල් මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.