2022 අප්‍රේල් මස 19 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-04-19 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පක්ෂ නායකයින් සමග පැවති විශේෂ රැස්වීම
B : “අධිකරණයට අපහාස කිරීමේ” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජිකයන්
C : පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කිරීම
කාරක සභා වාර්තා පිළිගැන්වීම
“ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව සහ එහි කාර්යය සටහන්, ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ඩලස් අලහප්පෙරුම මහතා
(ii) ගරු විමල් වීරවංශ මහතා
(iii) ගරු අශෝක් අබේසිංහ මහතා
(iv) ගරු සම්පත් අතුකෝරල මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයන්ත කැටගොඩ මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2022 මාර්තු 10 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග
(ii) ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
(ii) ගරු චමින්ද විජේසිරි මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1628 ට 2022 අප්‍රේල් මස 20 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.