2022 අප්‍රේල් මස 05 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-04-05

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
B : පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(iii)    2020 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv)    2017 වර්ෂය සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(v)    2017 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව

(vi)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 නොවැම්බර් 23 දිනැති අංක 2255/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2(3) සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් වැඩබලන මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 දෙසැම්බර් 21 දිනැති අංක 2259/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් වැඩබලන මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 දෙසැම්බර් 31 දිනැති අංක 2260/72 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජනවාරි 11 දිනැති අංක 2262/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x)    රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනාව
(2022 ජනවාරි 11 දිනැති අංක 2262/14 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(xi)    2021 වර්ෂයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ IV වැනි වගන්තිය යටතේ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් පිළිගන්වන ලදී.
(ii)    තරුණ හා ක‍්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු වාසුදේව නානායක්කාර මහතා                    
(ii)    ගරු විජිත හේරත් මහතා               -  පෙත්සම් දෙකයි
(iii)    ගරු නලින් ප්‍රනාන්දු මහතා    
            
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1414 ට 2022 අප්‍රේල් මස 6 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.