2022 මාර්තු මස 25 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-03-25

Print

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු රංජිත් සියඹලාපිටිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහජන උප‍යෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii)    2020 වර්ෂය සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii)    2020 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා                    
(ii)    ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා                    
(iii)    ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා   
        
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(101 වන අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ

“සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

2022  ජනවාරි 21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 මාර්තු 24 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි  විදේශ  කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව “විදේශ  කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව” ලෙස නැවත නම් කළ යුතුය

 

ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු බැටී වීරකෝන් මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු කේ. තන්ගේෂ්වරී මෙනෙවිය
(iii)    අභාවප්‍රාප්ත ගරු ජස්ටින් ගලප්පත්ති මහතා
(iv)    අභාවප්‍රාප්ත ගරු එම්. එස්. සෙල්ලසාමි මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1547 ට 2022 අප්‍රේල් මස 5 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.