2022 මාර්තු මස 10 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-03-10

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 සහ 2020 වර්ෂ සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා

(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා                    
(ii)    ගරු විජිත හේරත් මහතා                      -    පෙත්සම් තුනයි
(iii)    ගරු රෝහණ දිසානායක මහතා              
(iv)    ගරු අනුප පස්කුවල් මහතා         
                            
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

ප්‍රචණ්ඩත්වය සහ හිංසනය පිළිබඳ (C 190) සම්මුතිය අනුමත කිරීම සම්බන්ධයෙන් 2022.03.08 දින ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න යටතේ අසන ලද ප්‍රශ්නයට කම්කරු අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු ජයන්ත කැටගොඩ මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ භෝජනාගාරය තුළදී දියර කිරි ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පළ වූ ව්‍යාජ ප්‍රවෘත්තිය

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස වූ

“අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

කම්කරු වන්දි (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් සම්මත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“රටේ පවතින විදුලිය සහ බලශක්ති අර්බුදය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 මාර්තු මස 11 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.