2022 මාර්තු මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-03-09 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
පාර්ලිමේන්තු සංකීර්ණය තුළ විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2019 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල සහ පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණු මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, සභික මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රංජිත් සියඹලාපිටිය මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු දුමින්ද දිසානායක මහතා
(iii) ගරු අබ්දුල් හලීම් මහතා
(iv) ගරු මායාදුන්න චින්තක අමල් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර විෂය අංක 2 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-
(i) පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු ඉෂාක් රහුමාන් මහතා
(ii) ගරු කබීර් හෂීම් මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු තවරාජා කලෙයි අරසන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1803 ට 2022 මාර්තු මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.