2022 මාර්තු මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-03-08 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : “ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
C : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා සීමාසහිත ලංකා සතොස සමාගමේ වාර්ෂික වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii) 2019 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(iv) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v) 2019 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi) (105 අධිකාරය වූ) වෛද්‍ය ආඥාපනතේ19(අ) වගන්තිය සමඟ කියවිය යුතු72 වගන්තිය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විමසා සාදන ලදුව, 2021 දෙසැම්බර් 24 දිනැති අංක 2259/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(vii) 2021 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2022.01.06 සිට 2022.02.21 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(viii) 1969 අංක 16, 1981 අංක 27, 1993 අංක 22, 1995 අංක 9 සහ 1996 අංක 20 දරන පනත් මඟින් සංශෝධිත (464 අධිකාරය වූ) ඉඩම් සංවර්ධන ආඥාපනතේ 155 සහ 156 වගන්ති යටතේ ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ඔක්තෝබර් 28 දිනැති අංක 2251/48 දරන අති විශේෂ ගැසට් පත්‍රය සහ එයට සිදු කරන ලද සංශෝධන ද ඇතුළත් 2022 පෙබරවාරි 07 දිනැති අංක 2266/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(ix) 1969 අංක 16, 1981 අංක 27, 1993 අංක 22, 1995 අංක 9 සහ 1996 අංක 20 දරන පනත් මඟින් සංශෝධිත (464 අධිකාරය වූ) ඉඩම් සංවර්ධන ආඥාපනතේ 155 සහ 156 වගන්ති යටතේ ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජනවාරි 15 දිනැති අංක 2262/50 දරන අති විශේෂ ගැසට් පත්‍රය සහ එයට සිදු කරන ලද සංශෝධන ද ඇතුළත් 2022 පෙබරවාරි 07 දිනැති අංක 2266/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(x) 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 34 වගන්තිය යටතේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජනවාරි 18 දිනැති අංක 2263/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xi) (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 213ආ වගන්තිය සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 සැප්තැම්බර් 17 දිනැති අංක 2245/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ජගත් පුෂ්පකුමාර මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා
(ii) ගරු බුද්ධික පතිරණ මහතා
(iii) ගරු චමින්ද විජේසිරි මහතා
(iv) ගරු එච්. නන්දසේන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලු
(ii) ගරු අනුර දිසානායක මහතා
“පැන්ඩෝරා පත්‍රිකා” පිළිබඳ විමර්ශන ක්‍රියාවලිය
අධිකරණ අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
මියන්මාරයෙන් සහල් ආනයනය කිරීම පිළිබඳව මාධ්‍යවල පළ වූ සාවද්‍යය ප්‍රකාශය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පෞද්ගලික පැහැදිලි කිරීම්
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා
සිය නිල නිවසේ විදුලි බිල් සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු කපිල අතුකෝරල මහතා
(ii) ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනයන් හි කාන්තා නියෝජනය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1736 ට 2022 මාර්තු මස 9 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.