Message
  • Sorry this content is not available in this language

2022 පෙබරවාරි මස 25 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-02-25

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XIX සහ XX කොටස්;
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXIX හා XXX කොටස් සහ සිව්වැනි කාණ්ඩයේ XIX, XX  හා XXI කොටස්; සහ
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXIII, XXIV, XXV, XXVI, XXVII, XXVIII, XXIX, XXX හා XXXI කොටස් සහ සිව්වැනි කාණ්ඩයේ X, XI, XII, XIII, XIV හා XV කොටස්

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ ─

•    හම්බන්තොට, අනුරාධපුර, වවුනියාව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි ඛනිජ ද්‍රව්‍ය (කළුගල්) කැණීම සඳහා රජයේ ඉඩම් බදුදීම, පාලනය සහ රාජ්‍ය භාගය අයකිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ - VII කොටස - 2021;
•    ශ්‍රී ලංකාවේ භූගත ජල කළමනාකරණයේ නීතිමය යාන්ත්‍රණය හා එහි ක්‍රියාකාරීත්වය ඇගයීම සම්බන්ධ විගණන වාර්තාවේ -         I කොටස - 2022;
•    ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ග්‍රාමීය ප්‍රජාව සහ සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර මාර්ග ප්‍රවේශතාවය වැඩිදියුණුවීමේ කාර්ය සාධන වාර්තාව සම්බන්ධ විගණන වාර්තාවේ - II කොටස - 2022; සහ
•    නව පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය ඇගයීම සම්බන්ධ විගණන වාර්තාවේ - III කොටස - 2022

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු මායාදුන්න චින්තක අමල් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රංජිත් සියඹලාපිටිය මහතා                    
(ii)    ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා       -   පෙත්සම් දෙකයි
(iii)    ගරු සාරතී දුෂ්මන්ත මහතා
(iv)    ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා                    
(v)    ගරු මිලාන් ජයතිලක මහතා               -    පෙත්සම් දෙකයි  
                
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු ආනන්ද රත්නායක මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්ෂ මහතා
(iii)    අභාවප්‍රාප්ත ගරු සෝමවීර චන්ද්‍රසිරි මහතා
(iv)    අභාවප්‍රාප්ත ගරු පී. බී. දිසානායක මහතා
(v)    අභාවප්‍රාප්ත ගරු එච්. ආර්. මිත්‍රපාල මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1611 ට 2022 මාර්තු මස 8 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.