ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 පෙබරවාරි මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-02-24

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පදනමේ වාර්ෂික වාර්තාව හා ගිණුම්

(iii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ තුර්කි ජනරජයේ ආණ්ඩුව අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මඟහැරීම වැළැක්වීම සඳහා 2022 ජනවාරි 28 දින ඇතිකර ගත් ගිවිසුම

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු සී. බී. රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු නාමල් රාජපක්ෂ මහතා          -    පෙත්සම් තුනයි
(ii)    ගරු අනුර දිසානායක මහතා          -    පෙත්සම් පහයි
(iii)    ගරු විජිත හේරත් මහතා                    
(iv)    ගරු අමරකීර්ති අතුකෝරළ මහතා                    
(v)    ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය      
                                 
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
රටේ පවතින ඉන්ධන සහ බලශක්ති අර්බුදය

බලශක්ති අමාත්‍ය, ගරු උදය ගම්මන්පිල මහතා සහ සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු දුමින්ද දිසානායක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු අනුර දිසානායක මහතා
උක් වගාව සඳහා ඉඩම් පවරා ගැනීම

වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු චමල් රාජපක්ෂ මහතා සහ පරිසර අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(iii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
කොවිඩ්-19 එන්නත්කරණය

සෞඛ්‍ය අමාත්‍ය, ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

(i)    සතොස පරිසර හිතකාමී පානීය ජල බෝතල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

(ii)    ‍රටේ ආර්ථික තත්වය සහ මුදල් මණ්ඩලයේ වාර්තාව සම්බන්ධයෙන් 2022.02.08 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල් අමාත්‍යවරයා‍ වෙනුවෙන් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු ශෙහාන් සේමසිංහ මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 9 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(ii)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පහක්
(iii)    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(iv)    වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත
(v)    ගස් හෙලීම (පාලනය කිරීමේ) පනත යටතේ නියමය

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු යදාමිණී ගුණවර්ධන මහතා
(ii)    ගරු චාල්ස් නිර්මලනාදන් මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“තෘණ භූමි ආදිය සම්බන්ධයෙන් කිරි ගොවීන්ට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතාවයන්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එච්. නන්දසේන මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 පෙබරවාරි මස 25 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි