2022 පෙබරවාරි මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-02-23 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : 2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පිළිබඳව
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XVI කොටස;
• 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIX කොටස සහ නවවැනි කාණ්ඩයේ XXI කොටස;
• 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXIV කොටස;
• 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXVI හා XXXVII කොටස්, සහ නවවැනි කාණ්ඩයේ XXIX කොටස;
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXII කොටස සහ නවවැනි කාණ්ඩයේ XXIII, XXIV හා XXV කොටස්; සහ
• 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVIII, XIX, XX, XXI, XXII හා XXIII කොටස්, තෙවැනි කාණ්ඩයේ XI, XII හා XIII කොටස් සහ නවවැනි කාණ්ඩයේ VIII, IX හා X කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව
(ii) 2016 සහ 2017 වර්ෂ සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ වාර්ෂික වාර්තා
(iii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iv) 2018/2019 වර්ෂය සඳහා බී.සී.සී. ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 2015/2016, 2016/2017 සහ 2017/2018 වර්ෂ සඳහා ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විසස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා
(vi) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2022 පෙබරවාරි 21 දිනැති අංක 2268/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රංජිත් සියඹලාපිටිය මහතා
(ii) ගරු තේනුක විදානගමගේ මහතා
(iii) ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
(iv) ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා
පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රොෂාන් රණසිංහ මහතාට 2022.02.23 දින සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණ සිටීම සඳහා, ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අවසරය හිමි විය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම පිණිස වූ
“බුද්ධිමය දේපළ (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“රටේ වත්මන් සමාජ-ආර්ථික තත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ඉරාන් වික්‍රමරත්න මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1727 ට 2022 පෙබරවාරි මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






