ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 පෙබරවාරි මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-02-22

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : “විශේෂ භාණ්ඩ හා සේවා බදු” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
C : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
D : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
E : වනජීවී හා වන සංරක්ෂණ  කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය සඳහා නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම
F : පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය සඳහා නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම
G : “ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජිකයන්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව
(iii)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය

(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ  මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු කනක හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ජයන්ත සමරවීර මහතා                  -   පෙත්සම් දෙකයි
(ii)    ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා                    
(iii)    ගරු දිලිප් වෙදආරච්චි මහතා                    
(iv)    ගරු මුජිබුර් රහුමාන් මහතා                    
(v)    ගරු ලලිත් එල්ලාවල මහතා   
                
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ජනමාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ලවන තර්ජන

මහජන ආරක්ෂක අමාත්‍ය, ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

අධිභාර බද්ද පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඊට සම්බන්ධ සහ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ

“අධිභාර බද්ද”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග
(ii)    රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු එස්. එම්. මරික්කාර් මහතා
(ii)    ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ඩෙංගු රෝගය මර්දනය කිරීමට අවශ්‍ය සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අනුප පස්කුවල් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1719 ට 2022 පෙබරවාරි මස 23 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි