2022 පෙබරවාරි මස 10 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-02-10 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව (විගණකාධිපති වාර්තාවට කරුණු දැක්වීම ද ඇතුලුව) – 2018
(ii) 2019 වර්ෂය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(iii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iv) 2018 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව
(v) 2019 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු දයාසිරි ජයසේකර මහතා
(iii) ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(iv) ගරු අමරකීර්ති අතුකෝරළ මහතා
(v) ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පෞද්ගලික පැහැදිලි කිරීම්
ගරු තිසකුට්ටි ආරච්චි මහතා
ගරු චමින්ද විජේසිරි මහතා විසින් බැංකුවක් සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු විදේශ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii) අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත
(iv) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
(v) පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(ii) ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“සිරකරුවන්ගේ අයිතිවාසිකම්, සුභසාධනය ආදිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1734 ට 2022 පෙබරවාරි මස 11 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






