2022 පෙබරවාරි මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-02-09 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු රංජිත් සියඹලාපිටිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරයේ කාර්ය සාධන වාර්තාව
(ii) 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ වාර්ෂික වාර්තා
(iii) 2020 වර්ෂය සඳහා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iv) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය
(v) 2017/2018 වර්ෂය සඳහා ලංකා ලේලන්ඩ් (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(vi) 2017/2018 සහ 2018/2019 වර්ෂ සඳහා මාන්තායි සෝල්ට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තා සහ ගිණුම්
(vii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(viii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධිකරණ අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix) 2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පනතේ 2(අ) සහ 11(1)(උ) වගන්තිවලට අනුකූලව හානිපූරණය සඳහා වන කාර්යාලය විසින් සකස් කොට ඇති සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති හානිපූරණ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
අමාත්‍යාංශ නිවේදන
(i) ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීම සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය, ගරු ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
(ii) ශ්‍රී ලංකා කුරුඳු සඳහා භූගෝලීය දර්ශකයේ ලියාපදිංචිය ලැබීම සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී:-
(i) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iv) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(v) පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
(ii) ගරු මොහමඩ් මුසම්මිල් මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1650 ට 2022 පෙබරවාරි මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






