2022 ජනවාරි මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-01-21 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු රංජිත් සියඹලාපිටිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්
B : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
A.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XVIII කොටස;
• 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XVIII කොටස;
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XVIII කොටස; සහ
• 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XI, XII, XIII, XIV, XV, XVI, XVII, XVIII, XIX, XX, XXI හා XXII කොටස් සහ සිව්වැනි කාණ්ඩයේ VII, VIII හා IX කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ ඕස්ට්‍රේලියානු ණය හා දේශීය ණය ආධාර යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද රජයේ රෝහල්වල සායනික අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ කාර්ය සාධනය ඇගයීම සම්බන්ධ වාර්තාවේ - VI කොටස
B. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XVI හා XVII කොටස් සහ නවවැනි කාණ්ඩයේ XX කොටස;
• 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XIII කොටස;
• 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXV කොටස සහ නවවැනි කාණ්ඩයේ XXVIII කොටස;
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIX, XXX හා XXXI කොටස්, තෙවැනි කාණ්ඩයේ XIII කොටස සහ නවවැනි කාණ්ඩයේ XXII කොටස; සහ
• 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VIII, IX, X හා XI කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v) 2016 වර්ෂය සඳහා සීමාසහිත සීනෝර් පදනමේ වාර්ෂික වාර්තාව
(vi) 2019/2020 වර්ෂය සඳහා සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(vii) 2015 සහ 2016 වර්ෂ සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා සහ ගිණුම්
(viii) 2020 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(x) 2015, 2016, 2017 සහ 2018 වර්ෂ සඳහා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තා
(xi) 2018 වර්ෂය සඳහා ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(xii) 2019 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව
(xiii) 2019 වර්ෂය සඳහා සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව
(xiv) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(xv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උපරිමාධිකරණ විනිශ්චයකරුවන් - ශීර්ෂ අංක 04 සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xviii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xx) 1974 අංක 35 දරන රේගු (සංශෝධන) පනතින් සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනතින් සංශෝධිත (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ19(අ) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 දෙසැම්බර් 02 දිනැති අංක 2256/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජල සම්පාදන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(464 වන අධිකාරය වූ) ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
“ඉඩම් සංවර්ධන (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු ඉඩම් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තුවේ සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
(i) අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
මතු දැක්වෙන පරිදි අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා තිස් දෙකක් (32) පත් කළ යුතු ය :—
1. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
2. මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
3. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
4. නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
5. අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
6. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
7. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
8. අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
9. සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
10. කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
11. පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
12. වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
13. කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
14. වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
15. ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
16. ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
17. වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
18. ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
19. විදුලිබල කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
20. බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
21. වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
22. මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
23. ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
24. තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
25. සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
26. වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
27. කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
28. ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
29. තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
30. මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
31. ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
32. සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112හි විධිවිධාන ප්‍රකාරව කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර බලා වාර්තා කිරීම සඳහා එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය;
එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (3) සංයුක්ත විය යුතුය.
(ii) ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව, නියෝජ්‍ය කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් පහළොස් දෙනෙකුගෙන් (15) සමන්විත විය යුතු ය
(iii) ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 116 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් නව දෙනෙකුගෙන් (9) සමන්විත විය යුතු ය
(iv) ගෘහ්‍ය කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 117 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ගෘහ්‍ය කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් දහහතර දෙනෙකුගෙන් (14) සමන්විත විය යුතු ය
(v) ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද, නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දහසය දෙනෙකුගෙන් (16) සමන්විත විය යුතු ය
(vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසි දෙදෙනෙකුගෙන් (22) සමන්විත විය යුතු ය
(vii) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසි දෙදෙනෙකුගෙන් (22) සමන්විත විය යුතු ය
(viii) මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් විසි තුන් දෙනෙකුගෙන් (23) සමන්විත විය යුතු ය
(ix) පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 126 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන ආණ්ඩු පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරයන් අට දෙනෙකුගෙන් (8) සහ විරුද්ධ පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරයන් අට දෙනෙකුගෙන් (8)සමන්විත විය යුතු ය
(x) උසස් නිලතල පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127(1) හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් කථානායකවරයා කටයුතු කළ යුතු ය
කල් තැබීමේ යෝජනාව
“ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වා අවසන් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 පෙබරවාරි මස 8 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






