2022 ජනවාරි මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-01-20 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iii) 2016 සහ 2017 වර්ෂ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තා
(iv) 2019 වර්ෂය සඳහා විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii) 2020 වර්ෂය සඳහා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix) 2017 වර්ෂය සඳහා වී අලෙවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(x) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව
(xi) 2019/20 වර්ෂය සඳහා සී/ස ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික වාර්තාව
(xii) 2018 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(xiii) 2019 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xiv) 2019 වර්ෂය සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xv) 2015 සහ 2016 වර්ෂ සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තා
(xvi) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(xvii) 2019 සහ 2020 වර්ෂ සඳහා මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා
(xviii) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 නොවැම්බර් 15 දිනැති අංක 2254/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xix) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (4) ප්‍රකාරව 2020 සහ 2022 වර්ෂ සඳහා මුදල් කොමිෂන් සභාව විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ
(xx) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 නොවැම්බර් 30 දිනැති අංක 2256/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xxi) (452 අධිකාරය වූ) ගස් හෙලීම (පාලනය කිරීමේ) පනතේ 2 වගන්තිය යටතේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජුනි 18 දිනැති අංක 2232/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxii) 2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ 5(3)(ආ) සහ 30(3) වගන්ති සමඟ කියවිය යුතු 48 වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදනු ලදුව, 2021 ඔක්තෝබර් 15 දිනැති අංක 2249/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxiii) 1979 අංක 9 දරන නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනතේ 9 වගන්තිය සමඟ කියවිය යුතු 2(4),(6) වගන්තිය යටතේ වැවිලි අමාත්‍යවරයා විසින් සාදනු ලදුව, 2021 අප්‍රේල් 08 දිනැති අංක 2222/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxiv) (437 අධිකාරය වූ) රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනතේ 8 වගන්තිය යටතේ වැවිලි අමාත්‍යවරයා විසින් සාදනු ලදුව 2021 අගෝස්තු 18 දිනැති අංක 2241/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී:-
(i) පෞද්ගලික දත්ත ආරක්ෂණ - පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම පිණිස ද; පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළව දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම පිණිස ද; දත්ත ආරක්ෂණ අධිකාරිය නම් කිරීම පිණිස ද; සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
(ii) වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) - (469 වන අධිකාරය වූ) වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සංශෝධනය කිරීම සඳහා
(iii) විශේෂ භාණ්ඩ හා සේවා බදු - බද්දක්, තීරු බද්දක්, අය බද්දක්, සෙස් බද්දක් හෝ නීතිය මගින් පනවනු ලබන වෙනත් යම් ගාස්තුවක් වශයෙන් යම් නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ හා සේවා මත අය කළ හැකි මුදල වෙනුවට විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ හා සේවා මත විවිධ බදු ක්‍රම අදාළ වීම සහ පරිපාලනය, ආශ්‍රිත සංකීර්ණත්වයන් වැළැක්වීමෙන් එකී බදු එකතු කිරීම සහ පරිපාලනය සම්බන්ධව වැඩි කාර්යක්ෂමතාවක් සහතික කිරීම පිණිස බදු ගෙවීමේ දී ස්වයං අනුකූලතාව වැඩි දියුණු කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
(iv) එකතු කළ අගය මත බදු (සංශෝධන) - 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා
පාර්ලිමේන්තුවේ සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
(i) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් විසිඑක් දෙනෙකුගෙන් (21) සමන්විත විය යුතු ය
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසි එක් දෙනෙකුගෙන් (21) සමන්විත විය යුතු ය
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය තුළ සේවය කිරීම පිණිස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට මන්ත්‍රීන් පත් කිරීම
කල් තැබීමේ යෝජනාව
“ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වන ලදී.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2022 ජනවාරි මස 21 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






