2022 ජනවාරි මස 18 වැනි දින සභාවේ කටයුතු - නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කිරීම |
දිනය : | 2022-01-18 |
|
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ රැස්වීමේ මුලසුන දරන ලදී.
පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා රැස්වීම කැඳවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් කියවන ලදී.
ඉන්පසුව අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතීය.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1055 ට 2022 ජනවාරි මස 19 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
අතිගරු ජනාධිපතිතුමා සිදුකළ සම්පූර්ණ කතාව
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.