ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 දෙසැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-12-10

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
B : ඒකාබද්ධ වාර්ෂික මහා සභා රැස්වීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XVII කොටස;  
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XVII කොටස;
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XVII කොටස; සහ
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ VII, VIII, IX  සහ X කොටස් හා සිව්වැනි කාණ්ඩයේ IV, V සහ VI කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iii)    2019 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(iv)    2019 වර්ෂය සඳහා පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ (ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය) වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(v)    2019 වර්ෂය සඳහා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ (කැලණිය විශ්වවිද්‍යාලය) වාර්ෂික වාර්තාව
(vi)    2019 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(viii)    2019 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ix)     2020 වර්ෂය සඳහා ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ - (පොල්ගොල්ල) වාර්ෂික වාර්තාව
(x)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංක‍ා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xi)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පදනමේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(xii)    2018/2019 වර්ෂය සඳහා සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව
(xiii)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

(xiv)    2021-2024 වර්ෂය සඳහා ජ‍ාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ආයෝජන වැඩසටහන
(xv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදේශ අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ප්‍රසන්න රණතුංග මහතා              -    පෙත්සම් දෙකයි
(ii)    ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා       -    පෙත්සම් දෙකයි
(iii)    ගරු තිස්ස අත්තනායක මහතා                    
(iv)    ගරු රෝහණ දිසානායක මහතා
(v)    ගරු අශෝක් අබේසිංහ මහතා             -    පෙත්සම් දෙකයි
(vi)    ගරු ඉම්රාන් මහරූෆ් මහතා                    
(vii)    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය    
                                 
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
හික්කඩුව ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය

සංචාරක අමාත්‍ය, ගරු ප්‍රසන්න රණතුංග මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ

“පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පාර්ලිමේන්තුවේ සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2021 අප්‍රේල් 05 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තව දුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102  ප්‍රකාරව එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2022 මාර්තු 31 දින දක්වා දීර්ඝ කළ යුතු ය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“කුසලතා ප්‍රවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මියට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන (2022) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2022) පනත් කෙටුම්පත - විසිතුන්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

විසර්ජන (2022) පනත් කෙටුම්පත (අයවැය) සභාව විසින් සංශෝධන සහිතව වැඩි ඡන්ද 93 කින් (පක්ෂව 157; විරුද්ධව 64) සම්මත කරන ලදී.

 

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 17 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්
(iii)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(iv)    ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමය
(v)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්
(vi)    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හතක්
(vii)    සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(viii)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(ix)    විදේශ විනිමය පනත යටතේ යෝජනා සම්මතය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2022 ජනවාරි මස 11 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2022]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි