2021 දෙසැම්බර් මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-12-08 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : 2021 දෙසැම්බර් 03 සහ 04 දිනයන්හි පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්නත්, ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමටත්, පත්කළ විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017/2018 වර්ෂය සඳහා සී/ස ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලීසියේ කාර්ය සාධන වාර්තාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ -
(i) මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)
(ii) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)
නමැති පනත් කෙටුම්පත් පිළිබඳ වාර්තා ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු විමල් වීරවංශ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ජයන්ත සමරවීර මහතා - පෙත්සම් හයයි
(ii) ගරු අනුර දිසානායක මහතා
(iii) ගරු නලින් ප්‍රනාන්දු මහතා
(iv) ගරු මර්ජාන් ෆලීල් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන (2022) පනත් කෙටුම්පත - කාරක සභාව
විසර්ජන (2022) පනත් කෙටුම්පත - විසිඑක්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
(ii) ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“අම්පාර, හාඩි උසස් තාක්ෂණ ආයතනය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1811 ට 2021 දෙසැම්බර් මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






