ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 දෙසැම්බර් මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-12-07

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii)     2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා
(ii)    ගරු සංජීව එදිරිමාන්න මහතා              -  පෙත්සම් දෙකයි
(iii)    ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන (2022) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2022) පනත් කෙටුම්පත - විසිවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(iii)    වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියමය
(iv)    ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග දෙකක්

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කංසා වගා කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඩයනා ගමගේ මහත්මිය විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1759 ට 2021 දෙසැම්බර් මස 8 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2022]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි