ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 දෙසැම්බර් මස 06 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-12-06

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ (කැලණිය විශ්වවිද්‍යාලය)වාර්ෂික වාර්තාව
(iii)      2019 වර්ෂය සඳහා ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනයේ (කොළඹ විශ්වවිද්‍යාලය) වාර්ෂික වාර්තාව
(iv)      2019 වර්ෂය සඳහා ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ (නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව) වාර්ෂික වාර්තාව
(v)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi)      2019 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vii)      2019 වර්ෂය සඳහා ජෛවරසායන, අණුක ජෛවවේද හා ජෛවතාක්ෂණ ආයතනයේ (කොළඹ විශ්වවිද්‍යාලය) වාර්ෂික වාර්තාව

(viii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(x)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වතු නිවාස හා ප්‍රජ‍ා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග      119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා  -  පෙත්සම් දෙකයි
(ii)    ගරු ඩී. වී. චානක මහතා                    
(iii)    ගරු සිසිර ජයකොඩි මහතා                                       
(iv)    ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා      -  පෙත්සම් දෙකයි        
            
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන (2022) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2022) පනත් කෙටුම්පත - දහනවවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

(ii)    සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1230 ට 2021 දෙසැම්බර් මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2022]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි