2021 දෙසැම්බර් මස 04 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-12-04 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 සහ 2018 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තා
(ii) ශ්‍රී ලංකාවේ රියදුරු පාසල් පරීක්ෂාව සඳහා කමිටු පිහිටුවීම සම්බන්ධ වාර්තාව
(iii) 2019 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv) 2019 වර්ෂය සඳහා සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(v) 2019 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2021 නොවැම්බර් 29 දිනැති අංක 2256/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ශෙහාන් සේමසිංහ මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන (2022) පනත් කෙටුම්පත - කාරක සභාව
විසර්ජන (2022) පනත් කෙටුම්පත - දහඅටවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii) ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2016)
(iii) සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව (2016)
(iv) ජාතික වෘත්තීය සුරක්‍ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2013)
(v) ජාතික වෘත්තීය සුරක්‍ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2016)
(vi) ජාතික වෘත්තීය සුරක්‍ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2017)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“උපාධි වයස ප්‍රශස්ත කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1737 ට 2021 දෙසැම්බර් මස 6 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






