2021 දෙසැම්බර් මස 03 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-12-03 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ බෙනඩික්ට් XVI කැතලික් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩියුකේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරනු ලබන තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 මාර්තු 23 දිනැති අංක 2220/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරනු ලබන ජෛවවෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සහ මහජන සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 අප්‍රේල් 22 දිනැති අංක 2224/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ඊසොෆ්ට් මෙට්‍රො කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරනු ලබන ව්‍යාපාර කළමනාකරණ (ගෞරව) උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 මැයි 20 දිනැති අංක 2228/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(v) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් සයන්ස් (පීවීටී) එල්ටීඩී ආයතනය විසින් ප්‍රදානය කරනු ලබන ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජුනි 11 දිනැති අංක 2231/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව
ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු තිස්ස අත්තනායක මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
විදේශ විනිමය සංචිත හීන වී යාම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන (2022) පනත් කෙටුම්පත - කාරක සභාව
විසර්ජන (2022) පනත් කෙටුම්පත - දහහත්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“අධිසේවා පදනම යටතේ පත්කරන ලද විදුහල්පතිවරුන් ස්ථිර විදුහල්පති සේවයට අන්තර්ග්‍රහණය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1816 ට 2021 දෙසැම්බර් මස 4 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






