ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 නොවැම්බර් මස 29 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-11-29

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ (උසස් අධ්‍යාපන අංශයේ සහ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ)  වාර්ෂික කාර්ය සාධන වාර්තා
(ii)    2020 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කාන්තා හා ළමා කටයුතු හා වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු සී. බී. රත්නායක මහතා     
             
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව

වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු චමල් රාජපක්ෂ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

ගෑස් සිලින්ඩර පිපිරීම සම්බන්ධයෙන් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ගරු ලසන්ත අලගියවන්න මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (2022) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2022) පනත් කෙටුම්පත - දහතුන්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“A9 මාර්ගය අකුරණ ප්‍රදේශයේ දී ජලයෙන් යටවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වේලු කුමාර් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1737 ට 2021 නොවැම්බර් මස 30 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2022]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි