2021 නොවැම්බර් මස 26 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-11-26 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දහවැනි කාණ්ඩයේ හිඟුරාන සීනි කර්මාන්තායතනයේ මෙහෙයුම් කටයුතු සඳහා පිහිටුවන ලද සී/ස ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ - III කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(ii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 නොවැම්බර් 03 දිනැති අංක 2252/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු දිලිප් වෙදආරච්චි මහතා
(ii) ගරු මධුර විතානගේ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු මුජිබුර් රහුමාන් මහතා
තමන්ගේ දුරකථන අංකය සහ දුරකථන ඇමතුම් පිළිබඳව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කිරීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන (2022) පනත් කෙටුම්පත - කාරක සභාව
විසර්ජන (2022) පනත් කෙටුම්පත - එකොළොස්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාමික පාරිතෝෂික දීමනාව කඩිනමින් ගෙවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජේ. සී. අලවතුවල මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1741 ට 2021 නොවැම්බර් මස 27 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






