ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 නොවැම්බර් මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-11-22

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

(40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 35(1) වගත්තිය යටතේ, විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2022 වර්ෂය සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහන, එකී පනතේ 35(3) වගන්තිය ප්‍රකාරව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2017 සහ 2018 වර්ෂ සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ඩග්ලස් දේවානන්දා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු කංචන විජේසේකර මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු මුජිබුර් රහුමාන් මහතා            -   පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

(i)    ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා
පොහොර ගෙන්වීම සහ තමන් සම්බන්ධයෙන් ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් කරන ලද ප්‍රකාශය

(ii)    ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
තමන් සම්බන්ධයෙන් ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා විසින් කරන ලද ප්‍රකාශය

(iii)    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
තමන් සම්බන්ධයෙන් ගරු ගරු තිසකුට්ටි ආරච්චි මහතා විසින් කරන ලද ප්‍රකාශය

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(101 වන අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ

“සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2022) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනිවර කියවීමේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි.

විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනිවර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. පැවැත්වූ ඡන්ද විමසීමේ දී, එයට පක්ෂව ඡන්ද 153 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 60 ක් ප්‍රකාශ විය.

 

විසර්ජන පනත් කෙටුම්පත (2022) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1720 ට 2021 නොවැම්බර් මස 23 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2022]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි