ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2020 නොවැම්බර් මස 19 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-11-19

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු රංජිත් සියඹලාපිටිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ගරු චමින්ද විජේසිරි සහ ගරු හේෂා විතානගේ යන මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඔවුන් දෙදෙනාගේ ප්‍රශ්න ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් 2021.11.17 දින මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXVII කොටස;
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXVII සහ නවවැනි කාණ්ඩයේ XIX  හා XX කොටස්; සහ
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ V කොටස සහ තෙවැනි කාණ්ඩයේ III කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා  ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව

(iii)    2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 142 වගන්තිය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 අගෝස්තු 19 දිනැති අංක 2241/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(iv)    2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වන වගන්තිය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 සැප්තැම්බර් 04 දිනැති අංක 2243/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ප්‍රසන්න රණතුංග මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අජිත් මාන්නප්පෙරුම මහතා                    
(ii)    ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2022) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පාසල් දරුවන්ට වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ගාමිණී වලේබොඩ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1730 ට 2021 නොවැම්බර් මස 20 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2022]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි