2021 නොවැම්බර් මස 16 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-11-16 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2019 වර්ෂය සඳහා අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වාර්ෂික වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු දයාසිරි ජයසේකර මහතා
(ii) ගරු සංජීව එදිරිමාන්න මහතා
(iii) ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු වීරසුමන වීරසිංහ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
රාජ්‍ය බැංකුවල සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු ශෙහාන් සේමසිංහ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
අමාත්‍යාංශයේ කාර්යාල කුලිය සහ අනෙකුත් වියදම් සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ආනන්ද අලුත්ගමගේ සංවර්ධන, සමාජ සත්කාරක හා පුණ්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රෝහණ බංඩාර මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2022) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනිවර කියවීමේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“සංචාරක කර්මාන්තය සඳහා ඉදිකිරීම, පවත්වාගෙන යාම හා පැවරීම (build operate and transfer (BOT)) ක්‍රමය යටතේ පෞද්ගලික අංශයේ සහය ලබාගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1730 ට 2021 නොවැම්බර් මස 17 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






