ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 නොවැම්බර් මස 15 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-11-15

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු රෝහණ බංඩාර මහතා     
        
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2021 අප්‍රේල් 05 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තව දුරටත් කාලය අවශ්‍යවන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102  ප්‍රකාරව එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2022 ජනවාරි 16 දින දක්වා දීර්ඝ කළ   යුතු ය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මියට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2022) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“බලංගොඩ ප්‍රදේශයේ පිහිටි කැල්සයිට් නිධියෙන් උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1730 ට 2021 නොවැම්බර් මස 16 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2022]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි