2021 නොවැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-11-11 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018/2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii) 2017, 2018 සහ 2019 වර්ෂ සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ජයන්ත සමරවීර මහතා
(ii) ගරු ජගත් පුෂ්පකුමාර මහතා
(iii) ගරු මිලාන් ජයතිලක මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් පැන නැඟී ඇති ගැටලු
වරාය හා නාවික අමාත්‍ය, ගරු රෝහිත අබේගුණවර්ධන මහතා සහ අධිකරණ අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය, ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පෞද්ගලික පැහැදිලි කිරීම්
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා
තමන් සම්බන්ධයෙන් ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත් කෙටුම්පත
(iii) ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝගය
(iv) ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
(ii) ගරු අශෝක ප්‍රියන්ත මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සිදුකර ඇති පැමිණිලි සම්බන්ධව පරීක්ෂණ සිදුකිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 නොවැම්බර් මස 12 වැනි සිකුරාදා පැය 1400 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






