2021 නොවැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-11-10 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2018 සහ 2019 වර්ෂ සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තා
(iv) 2019 වර්ෂය සඳහා පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(vi) 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා ජාතික යොවුන් සේනාංකයේ වාර්ෂික වාර්තා
(vii) 2018 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු නිපුණ රණවක මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලැබූ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු අනුර දිසානායක මහතා
(ii) ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා
(iii) ගරු ගාමිණී වලේබොඩ මහතා
(iv) ගරු එස්. එම්. මරික්කාර් මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
විශ්‍රාමිකයින් සඳහා වූ අග්‍රහාර රක්ෂණය සම්බන්ධ රජයේ චක්‍රලේඛය
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු රොෂාන් රණසිංහ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී:-
(i) පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම - පුද්ගලනාශක බිම්බෝම්බ භාවිත කිරීම, තොග රැස්කිරීම, නිපදවීම සහ පැවරීම තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීම පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද
(ii) අධිකරණ සංවිධාන (සංශෝධන) - 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත
(ii) ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත
(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(iv) අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ මහතා
(ii) ගරු වේලු කුමාර් මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයට අනුබද්ධිත කුලියාපිටිය ශික්ෂණ රෝහල හා සම්බන්ධ ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 නොවැම්බර් මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






