2021 නොවැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-11-09 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා සීමාසහිත සීනෝර් පදනමේ වාර්ෂික වාර්තාව
(iii) 2018 වර්ෂය සඳහා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව
(iv) 2020 වර්ෂය සඳහා වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
(vi) 2019 වර්ෂය සඳහා ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(vii) 2019/2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii) 2017 වර්ෂය සඳහා පුනරුත්ථාපන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශය
(ix) 1996 අංක 27 දරන පනතින් සංශෝධිත 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 5(ඊ)වගන්තිය සමඟ කියවිය යුතු 71(2)(අ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2019 අගෝස්තු 02 දිනැති අංක 2134/56 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(x) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ඔක්තෝබර් 12 දිනැති අංක 2249/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු සී.බී. රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ගයන්ත කරුණාතිලක මහතා
(ii) ගරු වීරසුමන වීරසිංහ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
පොහොර ගැටලු සහ කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත්‍රයේ අර්බුද
කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු අනුර දිසානායක මහතා
සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා වූ ක්‍රියාවලියේ අක්‍රමිකතා
මහජන ආරක්ෂක අමාත්‍ය, ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
තමන් පිළිබඳව නැගෙනහිර ආණ්ඩුකාරවරියගේ ප්‍රකාශය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “හෙක්ටර් අප්පුහාමි හෙල්පින් හෑන්ඩ් පුණ්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජේ. සී. අලවතුවල මහතාට අවසර දෙන ලදී.
(ii) “නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී.
කල් තැබීමේ යෝජනාව
“2021 ජූලි 20 සහ ඔක්තෝබර් 06 හා 07 යන දිනයන්හි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද වාර්තා තුන” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 නොවැම්බර් මස 10 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






