ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 ඔක්තෝබර් මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-10-22

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015, 2016, 2017, 2018 සහ 2019 වර්ෂ සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ වාර්ෂික වාර්තා
(ii)    2020 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii)    2018 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(iv)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(v)    2019 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්ත‍මේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(vi)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(vii)    2019 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව
(viii)    2019 වර්ෂය සඳහා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව
(ix)    2020 වර්ෂය සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(x)    2018 වර්ෂය සඳහා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව
(xi)    2018 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යා ණය අරමුදලේ වාර්ෂික වාර්තාව
(xii)    2019 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xiii)    2015, 2016 සහ 2017 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා

(xiv)    1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ණඅ) සහ (ණආ) වගන්තිය යටතේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධනය පිළිබඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 ජුනි 03 දිනැති අංක 2126/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xv)    1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ද) වගන්තිය යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2021 මාර්තු 12 දිනැති අංක 2218/64 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xvi)    1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45(1අ) වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2021 මැයි 03 දිනැති අංක 2226/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රෝහණ දිසානායක මහතා                    
(ii)    ගරු කපිල අතුකෝරල මහතා        -  පෙත්සම් දෙකයි
(iii)    ගරු අජිත් රාජපක්ෂ මහතා   
                                
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
රජයේ සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා    

(ii)    ගරු අනුර දිසානායක මහතා
කෙරවලපිටිය යුගදනවි බලාගාර ගනුදෙනුව  
 
විදුලිබල අමාත්‍ය, ගරු ගාමිණී ලොකුගේ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පෞද්ගලික පැහැදිලි කිරීම්

ගරු පාඨලී චම්පික රණවක මහතා

ගරු ශෙහාන් සේමසිංහ මහතා විසින් තමා සහ විද්‍යා අමරපාල මහතා සම්බන්ධයෙන් පළ කළ අදහස් පිළිබඳව

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු කම්කරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී:-

(i)    සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස - සේවායෝජකයකු විසින් යම් සේවකයෙකු විශ්‍රාම යවනු ලැබිය හැකි විශ්‍රාම යාමේ අවම වයස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා

(ii)    කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන)(සංශෝධන) - 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් දෙකක්

සභාව විසින් අනුමත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“2021.03.10 සහ 2021.04.06 යන දිනයන්හි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද වාර්තා” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1735  ට 2021 නොවැම්බර් මස 8 වැනි සඳුදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි