2021 ඔක්තෝබර් මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-10-21 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
B : සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(ii) 2020 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා මහාමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(vi) 2018 වර්ෂය සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(vii) 2018 සහ 2019 වර්ෂ සඳහා සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා
(viii) 2020 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix) 2020 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(x) 2019 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xi) 2020 වර්ෂය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව
(xii) 2018/2019 වර්ෂය සඳහා කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ වාර්ෂික වාර්තාව
(xiii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ වාර්ෂික වාර්තාව
(xiv) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(xv) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 සැප්තැම්බර් 29 දිනැති අංක 2247/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
රටේ පවතින වී, සහල් සහ පොහොර ගැටලු
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ගරු ලසන්ත අලගියවන්න මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
(i) ගරු පාඨලී චම්පික රණවක මහතා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය දුරකථන ඇමතුම්වලට සවන් දීම
(ii) ගරු චමින්ද විජේසිරි මහතා
තිරුකුමාර් නඩේසන් මහතාගෙන් තමාට ලැබුණු දුරකථන ඇමතුම
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2020 අංක 7 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ
“විසර්ජන (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු චන්දිම වීරක්කොඩි මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) තරුණ වරදකරුවන් (පුහුණු පාසල්)(සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
(iii) සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝග
කල් තැබීමේ යෝජනාව
“මෙරට ගොවීන්ට පොහොර නිකුත් කිරීම හා සම්බන්ධ වර්තමාන ගැටලුකාරී තත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1803 ට 2021 ඔක්තෝබර් මස 22 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






