ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 ඔක්තෝබර් මස 08 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-10-08

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIX කොටස, තෙවැනි කාණ්ඩයේ XII කොටස සහ නවවැනි කාණ්ඩයේ XXI කොටස;
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXIV කොටස සහ නවවැනි කාණ්ඩයේ XXV සහ XXVI කොටස්;  
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIV, XXV සහ XXVI කොටස්, තෙවැනි කාණ්ඩයේ XII කොටස සහ නවවැනි කාණ්ඩයේ XVII සහ XVIII කොටස් ; සහ
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I හා II කොටස් සහ තෙවැනි කාණ්ඩයේ I කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය—තලවාකැලේ වාර්ෂික වාර්තාව

(ii)    (460 අධිකාරය වූ) ඉඩම් අත්කර ගැනීමේ පනතේ 63(2)(ඊ) වගන්තිය ය‍ටතේ ඉඩම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 සැප්තැම්බර් 08 දිනැති අංක‍ 2244/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද  නියෝග
(iii)    2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 117(2)(ඩ) වගන්තිය ය‍ටතේ සංචාරක අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 සැප්තැම්බර් 08 දිනැති අංක‍ 2192/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද  නියෝග

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය                    
(ii)    ගරු සනත් නිශාන්ත මහතා                    
(iii)    ගරු සිසිර ජයකොඩි මහතා                    
(iv)    ගරු විජිත හේරත් මහතා                -  පෙත්සම් දෙකයි
(v)    ගරු අශෝක් අබේසිංහ මහතා           
                         
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
ගුරු-විදුහල්පති වැටුප් ගැටලු සඳහා විසඳුම

අධ්‍යාපන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අයථා ක්‍රියා සම්බන්ධයෙන් 2021.10.05 දින ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන් විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට පාර්ලිමේන්තුවේ සභානායක, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2021‍ සැප්තැම්බර් 07 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“2021 වර්ෂය සඳහා වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1632 ට 2021 ඔක්තෝබර් මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි