2021 ඔක්තෝබර් මස 07 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-10-07 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2018 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii) (469 අධිකාරය වූ) වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තිය යටතේ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 අප්‍රේල් 09 දිනැති අංක 2222/62 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) දැනට පවතින අමාත්‍යාංශයන්හි විෂය පථයට නොගැනෙන රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයයන් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු සුදත් මංජුල මහතා
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
කොවිඩ් හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) 2022 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ
“විසර්ජන”
නමැති පනත් කෙටුම්පත ගරු මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී:-
(ii) තරුණ වරදකරුවන් (පුහුණු පාසල්)(සංශෝධන) - (25 වන අධිකාරය වූ) තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.
(iii) දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) - (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “යූඑන්වී පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු වේලු කුමාර් මහතාට අවසර දෙන ලදී.
(ii) “අකුරණ බයිතුස් සකාත් (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ඉම්රාන් මහරූෆ් මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත
(iii) සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගය
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
(ii) ගරු මංජුලා දිසානායක මහත්මිය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කලාකරුවන්ගේ නිර්මාණ අයිතිය සුරැකීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1755 ට 2021 ඔක්තෝබර් මස 8 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






