ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 ඔක්තෝබර් මස 06 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-10-06

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ‍සිව්වැනි කාණ්ඩයේ XIV කොටස; සහ
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ I කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ii)    2013, 2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ  ව‍ාර්ෂික වාර්තා හා ගිණුම්
(iii)    2020 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ ව‍ාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ ව‍ාර්ෂික වාර්තාව
(v)    2020 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නිමල් සිරිපාල ද සිල්වා  මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු හෙක්ටර් අප්පුහාමි මහතා                    
(ii)    ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා     -    පෙත්සම් අටයි   
                     
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් පිළිබඳ කැබිනට් පත්‍රිකාව    

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ගරු ලසන්ත අලගියවන්න මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

සතොස ආයතනයේ සුදු ලූණු වංචාව සම්බන්ධයෙන් 2021.10.05 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථාන (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී.

(ii)    “කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට අවසර දෙන ලදී.

(iii)    “නලීන් ප්‍රනාන්දු පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නලින් ප්‍රනාන්දු මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ඛනිජතෙල් සම්පත් පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු වරුණ ලියනගේ මහතා
(ii)    ගරු අජිත් රාජපක්ෂ මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1734 ට 2021 ඔක්තෝබර් මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි