2021 ඔක්තෝබර් මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-10-05 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016, 2017, 2018 සහ 2019 වර්ෂ සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා
(ii) 2020 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2017 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව
(iv) 2020 වර්ෂය සඳහා වැවිලි අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 ජූලි 30 දිනැති අංක 2238/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(vi) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 සැප්තැම්බර් 06 දිනැති අංක 2244/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii) 2020 අංක 7 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2021.08.03 සිට 2021.09.21 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, සභික මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු නිමල් ලාන්සා මහතා
(ii) ගරු ජගත් පුෂ්පකුමාර මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
සතොස ආයතනයේ සුදු ලූණු වංචාව
(ii) ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අයථා ක්‍රියා
අමාත්‍යාංශ නිවේදන
ද්විපාර්ශ්වීය සබඳතා සහ විදේශ සංචාර සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග
(ii) එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝගය
(iii) දේශීය ආදායම් පනත යටතේ නියෝගය
(iv) දේශීය ආදායම් පනත යටතේ නියෝග
(v) මුදල් පනත යටතේ නියෝගය
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතා
(ii) ගරු මධුර විතානගේ මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පළාත් පාලන ආයතනවල සේවා මාර්ගගත ක්‍රමවේදයන් මගින් සිදුකිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මිලාන් ජයතිලක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1731 ට 2021 ඔක්තෝබර් මස 6 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






