ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 ඔක්තෝබර් මස 04 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-10-04

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
B : ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව, ජාතික විගණන කාර්යාලය විසින් සකස් කරන ලදුව මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ද සමඟ ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2022 අයවැය ඇස්තමේන්තුව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ii)    2020 වර්ෂය සඳහා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iii)    2020 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iv)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(v)    2020 වර්ෂය සඳහා ඉඩම් අමාත්‍යාංශයේ සහ ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව

(vi)    1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනතේ 20අ වගන්තිය සමඟ කියවිය යුතු 31 වගන්තිය ය‍ටතේ කම්කරු අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝගය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු රෝහිත අබේගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු උදය ගම්මන්පිල මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු මනූෂ නානායක්කාර මහතා               -  පෙත්සම් දෙකයි
(ii)    ගරු හේෂා විතානගේ මහතා                    
(iii)    ගරු ලලිත් එල්ලාවල මහතා                    
(iv)    ගරු මිලාන් ජයතිලක මහතා                   -  පෙත්සම් දෙකයි     
           
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1523 ට 2021 ඔක්තෝබර් මස 5 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි