2021 සැප්තැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2021-09-21 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
B : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා වෙළඳ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2015 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii) 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු 46 වගන්තිය යටතේ කම්කරු අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ නියෝගය
(viii) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වෙළඳ අමාත්‍යාංශයේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix) (101 අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහයේ 214 වගන්තිය සමඟ කියවිය යුතු 840 වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජූලි 02 දිනැති අංක 2234/67 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ගාමිණී ලොකුගේ මහතා
(ii) ගරු ගයන්ත කරුණාතිලක මහතා
(iii) ගරු සුදත් මංජුල මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී:-
(i) සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) - 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා
(ii) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) - 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 (1) හි විධිවිධාන ප්‍රකාරව සහ 2021 සැප්තැම්බර් 17 තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, 2020 සැප්තැම්බර් 08, 2021 ජනවාරි 07 සහ 2021 අගෝස්තු 06 යන දිනයන්හි පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා තිස් එක (31) ට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පත් කළ යුතු ය.
එකී කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර බලා වාර්තා කිරීම සඳහා එකී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූ ද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.
එකී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (3) සංයුක්ත විය යුතුය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 18 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(ii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග පහක්
(iii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්
(iv) විදේශ විනිමය පනත යටතේ නියෝග තුනක්
(v) විදේශ විනිමය පනත යටතේ නියමය
(vi) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(vii) මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(ii) ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහනෙහි සාර්ථකත්වය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ගයාෂාන් නවනන්ද මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 සැප්තැම්බර් මස 22 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






