ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 සැප්තැම්බර් මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-09-07

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්
B : දැනට පවතින අමාත්‍යාංශයන්හි විෂය පථයට නොගැනෙන රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයයන් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා වූ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 ‍වර්ෂය සඳහා පාර්ලි‍මේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii)    2020 ‍වර්ෂය සඳහා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ‍අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2020 ‍වර්ෂය සඳහා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iv)    2020 ‍වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v)    2020 වර්ෂය සඳහා සංචාරක අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(vi)    2019 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(vii)    (469 අධිකාරය වූ) වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 71 වගන්තිය සමඟ කියවිය යුතු 22අ වගන්තිය ය‍ටතේ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 අගෝස්තු 19 දිනැති අංක‍ 2241/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද  නියෝග
(viii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජූලි 31 දිනැති අංක‍ 2238/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අජිත් මාන්නප්පෙරුම මහතා                    
(ii)    ගරු බුද්ධික පතිරණ මහතා               -   පෙත්සම් හතරයි
(iii)    ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා    
              
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
කොවිඩ්-19 හේතුවෙන් මතු වී ඇති ගැටලු

 

අමාත්‍යාංශ නිවේදන

විනිසුරුවරුන්ට මුහුණපෑමට සිදුවී ඇති ගැටලුකාරී තත්වයන් සම්බන්ධයෙන් 2021.08.17 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අධිකරණ අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
තමන්ට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක දහහතර වැනි සංශෝධනය පිළිබඳව සඳහන් වී ඇති කරුණු සම්බන්ධයෙන්

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii)    මුදල් පනත් කෙටුම්පත - සංශෝධන සහිතව (දෙවැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 134; විරුද්ධව 44))
(iii)    අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(iv)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(v)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක්

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i)    ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
(ii)    ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සුදත් මංජුල මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1856 ට 2021 සැප්තැම්බර් මස 21 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි