ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 සැප්තැම්බර් මස 06 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-09-06

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශනය
B: (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

C : “මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
D : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
E : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම
F : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා අතිරේක මන්ත්‍රීන් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2021 අගෝස්තු 30 දිනැති අංක 2243/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(ii)    2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 194 වන වගන්තිය යටතේ පැවරුම් මිල නියෝග සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා විසින් සාදන ලදුව, 2021 මාර්තු 02 දිනැති අංක 2217/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iii)    2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 194 වන වගන්තිය යටතේ ආදායම් බද්දෙන් නිදහස් වන තොරතුරු තාක්‍ෂණය සහ සඵල සේවා නියම කරමින් මුදල් අමාත්‍යතුමා විසින් සාදන ලදුව, 2021 ජුනි 29 දිනැති අංක 2234/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(iv)    2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 75 වන වගන්තිය යටතේ එකතු කළ අගය මත බද්දෙන් නිදහස් වන තොරතුරු තාක්‍ෂණය සහ සඵල සේවා නියම කරමින් මුදල් අමාත්‍යතුමා විසින් සාදන ලදුව, 2021 ජුනි 29 දිනැති අංක 2234/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(v)    2006 අංක 11 දරන මුදල් පනතේ 8 වන වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 6(2) වන වගන්තිය යටතේ ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා විසින් සාදන ලදුව, 2021 මැයි 10 දිනැති අංක 2227/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(vi)    2020 අංක 7 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2021.06.22 සිට  2021.07.29 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු මහින්ද අමරවීර මහතා                                       
(ii)    ගරු වාසුදේව නානායක්කාර මහතා      -  පෙත්සම් පහයි
(iii)    ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා                   
(iv)    ගරු නිරෝෂන් පෙරේරා මහතා             
     
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී:-

(i)    ආගාමික හා  විගාමික (සංශෝධන) - (351 වන අධිකාරය වූ) ආගාමික හා විගාමික පනත සංශෝධනය කිරීම සඳහා
(ii)    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) - 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

ඡන්ද විමසීමක් (පක්ෂව 132; විරුද්ධව 51) පැවැත්වීමෙන් අනතුරුව සභාව විසින් අනුමත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1645 ට 2021 සැප්තැම්බර් මස 7 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි