ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 අගෝස්තු මස 17 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2021-08-17

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “මුදල්” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
C : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XV කොටස; සහ
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXVII හා XXVIII කොටස්,  සිව්වැනි කාණ්ඩයේ XIII කොටස සහ හයවැනි කාණ්ඩයේ XXIV  හා XXV කොටස්

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ
අටවැනි කාණ්ඩයේ ─

•    ශ්‍රී ලංකාවේ අපජල කළමනාකරණයේ කාර්යක්ෂමතාවය ඇගයීම සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ - IV කොටස;  සහ
•    නැව් මගින් සිදුවන සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක මාර්පෝල් සම්මුතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ - V කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා  ශ්‍රී ලංකා රේගුවේ ව‍ාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii)    2020 වර්ෂය සඳහා ධීවර අමාත්‍යාංශයේ ව‍ාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2019 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව‍ාර්ෂික වාර්තාව
(iv)    2020 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව

(v)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 පෙබරිවාරි 27 දිනැති අංක 2216/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vi)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජුනි 11 දිනැති අංක‍ 2231/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(vii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජුනි 11 දිනැති අංක‍ 2231/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(viii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජුනි 11 දිනැති අංක‍ 2231/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ඩග්ලස් දේවානන්දා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු කරුණාදාස කොඩිතුවක්කු මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්ද අමරවීර මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් පිළිගන්වන ලදී.
(iv)    අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු තිස්ස අත්තනායක මහතා             -   පෙත්සම් දෙකයි
(ii)    ගරු අනුර දිසානායක මහතා                    
(iii)    ගරු උද්දික ප්‍රේමරත්න මහතා                    
(iv)    ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා                    
(v)    ගරු මධුර විතානගේ මහතා                    
(vi)    ගරු යදාමිණී ගුණවර්ධන මහතා     
            
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
විනිසුරුවරුන්ට මුහුණපෑමට සිදුවී ඇති ගැටලුකාරී තත්වයන්

 

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධානවල සහ 2020 අගෝස්තු 27 දින සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් විසිඑක් දෙනෙකුගෙන් (21) සමන්විත විය යුතු ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්-19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියම දෙකක්
(iii)    රේගු ආඥා පනත යටතේ යෝජනා දෙකක්
(iv)    දැනට පවතින අමාත්‍යාංශයන්හි විෂය පථයට නොගැනෙන රාජ්‍ය ආයතන විසින්‌ පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයයන් සම්බන්ධයෙන්‌ සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා
(ii)    ගරු මුජිබුර් රහුමාන් මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1659 ට 2021 සැප්තැම්බර් මස 6 වැනි සඳුදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි